Saturday, February 13, 2010

පුංචි කොල්ලන්ගේ ආදර කතා (චැප්ටර් 2)...

ඕන්න හා හා පුරා කියල දෙවෙනි චැප්ටර් එකත් ඔයගොල්ලන්ට ගෙනාවා. මේකත් කලින් එක වගේම ඔයගොල්ලො රස විඳීවි කියල බලාපොරොත්තු වෙනව...

මේක සිද්ධ උනේ අපි O/L පංතියෙ ඉන්නකොට. අපේ school van එකේ ගියා සම්පත් කියල කොල්ලෙක්. ඌත් අපේ පංතියෙම පොරක්. හැබැයි අර කලින් එකේ හිටපු ඉසුරුව වගේ නෙවෙයි සම්පත්, ඌ හරිම නිවිච්ච හැදිච්ච කොල්ලෙක්. ඒත් මනමාල කමනම් චුට්ටක් විතර තිබුන. ඕන්න එක දවසක් වෑන් එකට අලුත් ගැහැනු ලමයෙක් ආවා. එයාගෙ නම සෙව්වන්දි. එයා අපිට වඩා අවුරුද්දක් බාලයි. එයා ලස්සන ගෑනු ළමයෙක්. එයත් හොඳට හැදිච්ච කෙනෙක්. ඔන්න ඉතින් ඔහොම දවස් දෙකක් විතර ගියා. ඒත් මට තේරුනා අපේ සම්පත් අර ගෑනු ළමය දිහා සැරින් සැරේ බලනව කියල. දවසක් සම්පත් වෑන් එකේ යනකොට මට හෙමීට කිව්ව "මචං, මට සෙව්වන්දිට කතා කරන්න ඕනෙ" කියල. මං ඒක අහපු ගමන් එතනම් කලන්තෙ (කලන්තෙ කිව්වට කලන්තෙමත් නෙවෙයි). ඒ මොකද, සම්පත් වගේ කොල්ලෙක් එහෙම කතාවක් කිව්වහම පුදුම හිතෙනවනෙ. ඔන්න ඉතින් මාත් මගේ යාළුවට සෙව්වන්දිත් එක්ක කතා කරන්න සෙට් කරල දුන්න. මුලින්ම සෙව්වන්දි කැමති උනේ නැහැ. පස්සෙ කතා කරන්න කැමති උනා. ඔන්න දැන් එදා දෙන්නම පිටිපස්සෙ සීට් එකේ. මාත් පැත්තකින් ඉන්නව (ඒ පැත්ත බැලුවෙ එහෙම නැහැ..). ඔන්න සම්පත් මුලින්ම ඇහුව අන්තිමට අහන්න තිබ්බ ප්‍රශ්නෙ (ඌ අහන දේ කෙලින්ම අහනව). මේක සෙව්වන්දිගෙන් ඇහුව "ඔයා මට කැමතිද කියල?" (මට ලාවට වගේ ඇහුනෙ). සෙව්වන්දි පුදුම උනා. එයා හැබැයි වැඩි අකමැත්තක් පෙන්නුවෙ නැහැ. ටික වෙලාවකට පස්සෙ මෙන්න එයත් කිව්ව "මාත් ඔයාට කැමතියි" කියල. මේක කොහොම උනාද කියන්න නම් දන්නෙ නැහැ. ඒත් අන්තිමට දෙන්න සෙට් උනා. දැන් වෑන් එක මල් වත්ත වගේ. දෙන්නනම් නියමෙට ගැලපෙනව. මං ඉතින් ඒ පැත්ත බලන්නැතුව එලිය බලන් එනව.

උදේ ඉස්කෝලෙට එද්දියි හවස ගෙදර යද්දියි දෙන්න වෑන් එකේ කතා කර කර එනව. හැබැයි ඉස්කෝලෙදි නම් මොකුත් කරන්නෙ නැහැ.

ඔන්න ඔහොම ටික කාලයක් ගියා.........................................................

ඔයාල හිතුවද මේකත් මාට්ටු වෙන සීන් එකක් කියල. හැබැයි මේකනම් මාට්ටු උනේ නැහැ. හැබැයි අපෙ සම්පත් කොල්ල වෙන ඉස්කෝලෙකට ගියා O/L කරන්න. ඒත් ඒ දෙන්නගෙ ආදරේ එහෙම්මම තිබ්බා. මං හිතන්නෙ සෙව්වන්දි තවමත් සම්පත්ට කෝල් කරනව.

ඔන්න ඔහොම තමයි ඒ කතාව ඉවර උනේ.....

තවත් කතාවකුත් අරගෙන චැප්ටර් 3න් හමු වෙමු...

ඔබට ජයෙන් ජය.....!!

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t